close
Jump to content

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

විකිපීඩියා වෙතින්

මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිබඳවයි.
අනෙකුත් භාවිත සඳහා අයිසීසී (වක්‍රෝත්තිහරණය) බලන්න.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
BERJAYA
අයිසීසී නිල ලාංඡනය
සංක්ෂිප්තයඅයිසීසී
ආදර්ශ පාඨයචැම්පියනින්ග් වර්ල්ඩ් ක්‍රිකට්
පූර්වප්‍රාප්තිකයාඅධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය (1909-65)
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (1965-89)
සංස්ථාපනය15 ජුනි 1909; වසර 116 කට පෙර (1909-06-15)
වර්ගයජාතික සංගම් සම්මේලනය
මූලස්ථානයඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
Membership
104 members
නිල භාෂාව
ඉංග්‍රීසි
Shashank Manohar
Zaheer Abbas[1]
CEO
David Richardson
වෙබ් අඩවියicc-cricket.com/

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටවූයේ 1909 ජුනි 15 දිනයි. මෙහි ප්‍රධාන කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම පාලන කටයුතු සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිහිටුවීය. එය 1909 දී මුලින් පිහිටුවනු ලැබුවේ අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය යනුවෙනි. එහි නියෝජිතයන් වූයේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවයි. 1965 දී එය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නමින් නැවත නම් කෙරුණි. වර්තමාන නාමය එයට හිමි වූයේ 1989 දීය.

දැනට රටවල් 105ක් සාමාජිකත්වය ලබා ඇති අතර සාමාජික කණ්ඩායම් 12 ක් නිළ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන අතර අනුබද්ධිත කණ්ඩායම් 92 ක් ද මෙම සාමාජිකත්වයට අයත් වේ.[2] මෙම ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සංවිධානය හා පාලනය කිරීමෙහි ලා මූලික වන අතර විශේෂයෙන්ම ලෝක කුසලානය සංවිධානය කිරීමේ භාරධූර කාර්යය ඉටු කරනු ලබයි. එලෙසම එක්දින තරඟ හා පන්දුවාර 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා විනිසුරුවන් හා පුහුණුකරුවන් පත් කිරීම ද සිදු කරනු ලබයි. එපමණක් නොව ප්‍රධාන වගකීම් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති මාලාව නිසියාකාරව පවත්වාගෙන යාමක් තරඟාවලියේ දූෂණ අවස්ථාවන්හිදී දූෂණ විරෝධී හා ආරක්ෂා ඒකකයට අන්තර් ග්‍රහණවත් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමත් වෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති මුස්තාෆා කමල් මහතා 2015 වසරේ දී අස්වීමෙන් පසු සභාපති ලෙස සහීර් අබ්බාස් මහතා පත්කර ඇත.

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්

[සංස්කරණය]

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම

[සංස්කරණය]
අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1 BERJAYA ඉන්දියාව 44 5,313 121
2 BERJAYA දකුණු අප්‍රිකාව 39 4,484 115
3 BERJAYA ඕස්ට්‍රේලියාව 40 4,174 104
4 BERJAYA නවසීලන්තය 35 3,489 100
5 BERJAYA එංගලන්තය 49 4,829 99
6 BERJAYA ශ්‍රී ලංකාව 46 4,374 95
7 BERJAYA පකිස්තානය 34 2,988 88
8 BERJAYA බටහිර ඉන්දීය කොදෙව් 36 2,606 72
9 BERJAYA බංග්ලාදේශය 26 1,833 71
10 BERJAYA සිම්බාබ්වේ 14 12 1
මුලාශ්‍රය: icc-cricket.com

එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම

[සංස්කරණය]
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1 BERJAYA එංගලන්තය 38 4,659 123
2 BERJAYA ඉන්දියාව 47 5,669 121
3 BERJAYA දකුණු අප්‍රිකාව 39 4,488 115
4 BERJAYA නවසීලන්තය 33 3,729 113
5 BERJAYA ඕස්ට්‍රේලියාව 40 4,342 109
6 BERJAYA පකිස්තානය 37 3,552 96
7 BERJAYA බංග්ලාදේශය 31 2,667 86
8 BERJAYA බටහිර ඉන්දීය කොදෙව් 34 2,719 80
9 BERJAYA ශ්‍රී ලංකාව 43 3,266 76
10 BERJAYA ඇෆ්ගනිස්ථානය 28 1,780 64
11 BERJAYA සිම්බාබ්වේ 30 1,609 54
12 BERJAYA අයර්ලන්තය 20 921 46
13 BERJAYA ස්කොට්ලන්තය 9 359 40
14 BERJAYA නේපාලය 8 152 19
15 BERJAYA එක්සත් අරාබි එමීර් 15 144 10
16 BERJAYA පපුවා නවගිනිය 9 50 6
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details.
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019

විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම

[සංස්කරණය]
අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම
ස්ථානය කණ්ඩායම සහභාගී වූ
තරග
ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතය
1 BERJAYA පකිස්තානය 26 3,272 126
2 BERJAYA ඕස්ට්‍රේලියාව 19 2,345 123
3 BERJAYA ඉන්දියාව 29 3,547 122
4 BERJAYA නවසීලන්තය 25 2,940 118
5 BERJAYA බටහිර ඉන්දීය කොදෙව් 22 2,538 115
6 BERJAYA එංගලන්තය 21 2,402 114
7 BERJAYA දකුණු අප්‍රිකාව 21 2,309 110
8 BERJAYA ශ්‍රී ලංකාව 29 2,635 91
9 BERJAYA ඇෆ්ගනිස්ථානය 27 2,385 88
10 BERJAYA බංග්ලාදේශය 19 1,367 72
11 BERJAYA ස්කොට්ලන්තය 11 737 67
12 BERJAYA සිම්බාබ්වේ 15 915 61
13 United Arab Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යය 16 827 52
14 BERJAYA නෙදර්ලන්තය 9 441 49
15 BERJAYA හොංකොං 13 599 46
16 BERJAYA පපුවා නවගිනිය 6 235 39
17 BERJAYA ඕමානය 9 345 38
18 BERJAYA අයර්ලන්තය 15 534 36
මුලාශ්‍රය: icc-cricket.com

ඉතිහාසය

[සංස්කරණය]

1909 ජුනි 15 වන දින එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්ගේ හමුවක් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පවත්වා රාජකීය ක්‍රිකට් සම්මේලනය ආරම්භ කරන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රිකට් පාලක මණ්ඩලවලට පමණක් සාමාජිකත්වය සීමා කරන ලදී. 1926 දී ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කරන ලදී. එමඟින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන දෙගුණයක් එනම් හයක් බවට පත්විණි. 1947 පකිස්තාන ක්‍රිකට් සංගමය පිහිටුවීමෙන් පසු එයට 1953 දී ටෙස්ට් තත්වය දෙන ලදී. එමඟින් එය හත් වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට පත්විය. දකුණු අප්‍රිකාව 1961 දී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූයේ නොසැලකිලිභාවය නිසාය. 1965 දී රාජකීය ක්‍රිකට් සම්මේලනය අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ලෙස නැවත නම් කරන ලද අතර අළුත් නීති සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය සමූහාණ්ඩුවට අයත් නොවන රටවල්වලට එම සංවිධානයට පත්වීමට අවස්ථාව සලසා දීම සඳහාය. මෙය සම්මේලනයේ වර බලපාන ලදී. මෙහි සාමාජිකත්වය ඇතුළු වීමත් සමඟ , සාමාජිකත්වය ලබා ගන්නා රටවල්වලට එක් ඡන්දයක හිමිකම ලැබුණත් , සම්පූර්ණ සාමාජිකත්වය සහ මුල් සාමාජිකයින්ට ඡන්ද දෙකක අයිතිය ලබා දෙමිනි. මුල් සාමාජිකයින් ඡන්දයේ හිමිකාරීත්වයට පත්විය. 1981 දී ශ්‍රී ලංකා‍ව පූර්ණ සාමාජිකත්වයට පත්වීමත් සමඟ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් ගණන නැවත හතක් බවට පත්විය. 1989 දී නව නීති සම්පාදනය කරන අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය යන නම අද පවතින නම වන අන්‍තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලෙස නැවත වෙනස් කරන ලදී. 1991 දී දකුණු අප්‍රිකාව නොසලකා හරින ලද තත්වය අතහැර, එයට සම්පූර්ණ සාමාජිකත්වය ලබා දී නැවත සංවිධානයට බඳවා ගන්නා ලදී. ඉන්පසුව 1992 දී සිම්බාබ්වේ ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව නවය බවට පත්විය. 2000 දී බංග්ලාදේශය 10 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කන්ඩායම වශයෙන් ඇතුළත් වෙන ලදී. ඉන්පසුව 2017 වසරේදී අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව දොළහ බවට‍ පත්විය.

මූලස්ථානය

[සංස්කරණය]
BERJAYA
ඩුබායි නගරයෙහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙහි ප්‍රධාන කාර්යාලය

එය සැදුමෙහි සිටම අයිසීසීය එහි නිවහන ලෙසින් භාවිතා කලේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අතර, 1993 සිට එහි කාර්යාල පිහිටුවා ගත්තේ ක්‍රීඩාංගනයෙහි නර්සරි අන්තයෙහි "ක්ලොක් ටවර්" ගොඩනැගිල්ලෙහිය. කෙසේ වුවත්, ICC හි වාණිජමය අංශය ප්‍රමුඛතාවයට පත්වීමත් සමඟ ඇතිවූ බදු බර අඩු කිරීමට එහි කළමණාකාරීත්වය මං සොයන ලදී. මෙහි ප්‍රතිඵලයක් වූයේ වසර 2001 දී මොනාකෝ හි කාර්යාලයක් ස්ථාපිත කිරීමත්, ICC හි සියලුම වාණිජ සේවකයන් එහි ස්ථානගත කිරීමත්ය. මෙමඟින් බලාපොරොත්තු වූ පරිදි බදු බර ඉවත් කරගත හැකිවුවද, ලෝඩ්ස් හි රැඳි සිටි පරිපාලකයන් හා ඔවුන්ගේ වාණිජ සගයන් අතර දුරස් වීමක් ඇතිවිය. මේ නිසා කවුන්සිලය තම සියලු නිලධාරීන් එකට එකතු කිරීමේ හා බදු බර ඉවත් කිරීමේ ක්‍රමයක් සොයන ලදී.

විකල්පයක් ලෙස ICC කාර්ය මණ්ඩලය ලෝඩ්ස්‍හි රැඳවීමට විමර්ශනයට ලක්කරන්නේ ඉන් පසුවයි. ඒ සඳහා "ක්‍රීඩා එංගලන්ත" (Sport England) හරහා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. තවද, බ්‍රිතාන්‍යය බදු සංස්ථාවෙන් බදු බර ඉවත් කරන ලෙස ද ඉල්ලීමක් කරන ලදී.නමුත් බ්‍රිතාන්‍යය ආණ්ඩුව මෙම ඉල්ලීමට එකඟ නොවීය. මේ හේතුව නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙනත් ස්ථාන කිහිපයකද යෝග්‍යයතාවය පරික්ෂා කළ අතර, අවසානයේ දී එක්සත් අරාබි එමීර්හි ඩුබායි නගරය ‍තෝරා ගන්නා ලදි. වසර 2005 දී ICC ය සිය සියලු ලෝඩ්ස් හා මොනෑකො හි කාර්යාල ඩුබායිහි ස්ථාපිත කරන ලදී. මෙම තීරණය ගන්නා ලද්දේ ICC කාරක සභා ඡන්දයකිනි. තීරණයට පක්ෂව 11-1 ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිවිය.[3]

මෙම තීරණයට බලපෑ තවත් කරුණක් වන්නේ ක්‍රිකට් සීඝ්‍රයෙන් පැතිරෙන දකුණු ආසියාවට සමීපයට මෙම කාර්යාල ගෙනයාමයි. මේ තාක් දුරට න්‍යායානුකූල වශයෙන් කේන්ද්‍රය බවට පත්ව තිබුණේ ලෝඩ්ස් ය. මෙම යුගයේ ICC ය පරිපාලනයට බඳුන් වූයේ MCC ආයතනය මඟිනි. (මෙම තත්වය 1993 දක්වා පවතින ලදී). නමුත් ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව වැනි රටවල වැඩිවන ක්‍රිකට් ශක්තිය නිසා බ්‍රිතාන්‍යයේ පුද්ගලික ක්‍රිඩා සමාජයක් වන MCC යට අන්තර්ජාතික මට්ටමින් ක්‍රිකට් පවත්වාගෙන යාම අපහසු විය. මෙම වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ වලින් ලද සෘජු ප්‍රතිඵලයක් වූයේ ICC ලෝඩ්ස් වලින් බැහැර වඩා මධ්‍යස්ථ ස්ථානයකට රැගෙන යාමයි.

නීති රීති

[සංස්කරණය]

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩාවේ තත්වය, පන්දු යැවීම සලකා බැලීම යනාදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පනවා ඇති නීති පිළිබඳ සලකා බැලීම සිදු කරයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ක්‍රිකට් නීති උපුටා ගැනීමට අයිතියක් නැත. ඒ සඳහා ක්‍රියා කළ හැකි වන්නේ ප්‍රධාන ක්‍රිකට් (කවුන්සිලයටය) සභාවටයි. එසේ වුවද දැන් සාමාන්‍යයෙන් මෙය සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර් ජාතික පාලන අධිකාරිය වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (සභාව) හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පිලිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ සමඟම අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩා කරන තරඟ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් එකඟ විය යුතුය. මෙම නීති කඩ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දඩුවම් පැමිණවීම සිදු කළ හැක. සාමාන්‍යයෙන් මෙය දඩ මුදලක් අය කිරීම විය හැක. 2006 වසරේ දී ක්‍රීඩකයන්හට 27 වතාවක් මේ මඟින් දඩුවම් නියම කර ඇත.[4]

විනිසුරුවන්

[සංස්කරණය]

අන්තර්ජාතික විනිසුරුවරු සහ තරග විනිශ්චයකරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කළ ටෙස්ට් තරග, එක් දින තරග සහ විස්සයි20 තරග සඳහා පත් කරනු ලබයි.

වාණිජමය අවධානය

[සංස්කරණය]

ICC ආයතනයට බලවත් වාණිජමය අවධානයක් ඇති අතර එහි මූලික වත්කම වු ක්‍රිකට් ලෝක කුසලානයේදී එහි සාමාජිකයන්ගේ උගය උපරිම කිරීමේ කාර්යය සිදුවෙයි. 2007 හා 2015 අතරතුරදී ලෝක කුසලානයේ අනුග්‍රාහකත්වය හා රූපවාහිනී වගකීම් ඇමරිකානු ඩෝලර් මිලියන 1.6 කට වඩා වැඩි ආදායමක් ගෙනදුන් අතර එය ICC ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. ICC ආයතනයට අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් ආදායම් මාර්ග නොමැත. (ටෙස්ට් තරඟ, එක්දින ජාත්‍යන්තර තරඟ හා පන්දුවාර 20 ක්‍රිකට් තරඟ) එයට එහි ලෝක කුසලාන ආදායම නගා සිටුවීම සදහා නව අවස්ථා නිර්මාණය කල යුතු වෙයි. 2005 වසරේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන ලද අයිසීසී සුපර් සීරීස් තරගාවලිය අයත් වෙයි. කෙසේ නමුත් මෙම විස්තිර්ණ කිරීම් ICC ආයතනය බලාපොරොත්තු වු තරම් සාර්ථක නොවීය. සුපර් සීරිස් තරඟා වලිය බොහෝ දුරට අසාර්ථක තරඟාවලියක් ලෙස දැක්වුණු අතර එය නැවත පැවැත්වීමට බලාපොරොත්තු නොවීය.

අනුබද්ධිත ආයතන

[සංස්කරණය]

පවත්වන තරගාවලි

[සංස්කරණය]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නොයෙකුත් පළමු පෙළ, එක්දින සහ විස්සයි20 තරගාවලි පවත්වයි.

ආකෘතිය තරගාවලිය කණ්ඩායම් ගණන
මුල් පෙළ
සහ
ටෙස්ට්
අයිසීසී අන්තර් මහද්වීපික කුසලානය 14
අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවය 12
එක්දින අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 10
අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 08
අයිසීසී ශූරයන්ගේ කුසලානය 08
අයිසීසී 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය 16
අයිසීසී ලෝක ක්‍රිකට් ලීග් තරගාවලිය 95
විස්සයි20 අයිසීසී විස්සයි20 ලෝක කුසලානය 16
අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලානය 10

වංචා වැළැක්වීම සහ ආරක්ෂාව

[සංස්කරණය]

ඉහලම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ අල්ලස් චෝදනා සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ද ICC ආයතනයට සිදු විය. නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර හා සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ වංචාවන් හේතුවෙන් 2000 වසරේ දී ICC ආයතනය මඟින් විශ්‍රාමලත් ලන්ඩන් මෙට්‍රාපොලිටන් පොලිස් කොමසාරිස් කොන්ඩන් ස්වාමිවරයා යටතේ වංචා වැළැක්වීම සහ ආරක්ෂාව සම්බන්ධ ඒකකයක් පිහිටුවන ලදී. මෙම ඒකකය මඟින් වාර්තාවන් සකස් කරන ලද අවස්ථාවන් අතරට දකුණු අප්‍රිකානු හිටපු නායක හැන්සි ක්‍රෝන්ජේ සම්බන්ධ වංචාව ද විය. එහි දී ඔහු ඉන්දියානු සූදුකරුවෙකු වෙතින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගෙන තිබුණේ නිශ්චිත තරඟයන්හි දී අඩු දක්ෂතා පෙන්වීම සඳහා හෝ ඇතැම් තරඟයන්හි ප්‍රතිඵලය කලින් එකඟ කරගත් එකක් හා අනුකූල කරවනු පිණිසයි. එසේම හිටපු ඉන්දියානු නායකයන් වූ මොහොමඩ් අසරුදීන් සහ අජේ ජඩේජා සම්බන්ධව ද පරීක්ෂණයන් සිදු කෙරෙනු අතර තරඟවල තීරණයන්ට බලපෑම් කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ චෝදනාවට ඔවුහු වරදකරුවන් බව තීරණය කෙරුණි. ඒ අනුව ඔවුන් දෙදෙනාට තරඟ තහනම් පනවන ලදී. (මොහොමඩ් අසරුදීන්හට ජීවිතාන්තය දක්වා වූ තරඟ තහනමක් ද අජේ ජඩේජාහට වසර 5ක තරඟ තහනමක් ද පනවන ලදී.) ICC ආයතනයේ වංචා වැළැක්වීම සහ ආරක්ෂාව සම්බන්ධ වර්තමානය වන විට ද ක්‍රියාත්මක වන අතර ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා හා විෂමතා හා සම්බන්ධ වාර්තාවන් පරීක්ෂා කිරීම එම ඒකකය මඟින් සිදු කෙරේ. තවද මෙම ඒකකය මඟින් ක්‍රීඩක විවේකාගාරය තුළ දී ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සඳහා වන නීති හඳුන්වා දීම වැනි පාලන කටයුතු ද සිදු කෙරේ.

2007 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ප්‍රථම ICC ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී මැල්කම් ස්පීඩ් විසින් වංචාවන්ට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කළ අතර තම කවුන්සිලය ඒ හා සම්බන්ධව නිරතුරුව පරීක්ෂා කරන බවටත් වංචාකරුවන්ට කිසිදු සමාවක් නොදෙන බවටත් ප්‍රකාශ කරන ලදී.

මුලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Zaheer Abbas Appointed ICC President". Gulf News. 25 June 2015. සම්ප්‍රවේශය 25 June 2015.
  2. ^ "Outcomes from ICC Annual Conference week in London". ICC Conference 2013 announcement. සම්ප්‍රවේශය 29 June 2013.
  3. ^ "Cricket chiefs move base to Dubai". BBC News. 7 March 2005.
  4. ^ 2008: Penalties imposed on players for breaches of ICC Code of Conduct