close
Jump to content

ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

විකිපීඩියා වෙතින්
BERJAYA
මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ.

  1. ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  2. සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව

මූලික උපාංග

[සංස්කරණය]
උපාංගය පින්තූරය සංකේත භාවිත
ප්‍රතිරෝධකය BERJAYA BERJAYA
ධාරිත්‍රකය BERJAYA BERJAYA
ආලෝක විමෝචක දියෝඩ (LED) BERJAYA BERJAYA ආලෝකය නිපදවීම

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]